
තමාගේ රාජකාරිය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කතා කිරීම බව අගමැති ඇන්තනි ඇල්බනීස් පවසනවා.
ඔහු කියා සිටියේ තම රජය ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා අවශ්‍ය තරම් මුදල් එකතු කර තිබෙන බවයි.
අපගේ ආයෝජන ඕස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාවයට සිදුවන බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මෙහිදී අගමැතිවරයා කෝපයට පත්වූ බවද මාධ්‍ය වාර්තා කර තිබුනා.
ඔහු මේ බව සඳහන් කලේ ආරක්ෂක වියදම් වැඩි කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ චීන තානාපති ෂියාඕ චියෑන් කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

තානාපතිවරයා සඳහන් කලේ ඔස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් වැඩි කිරීම මගින් ආර්ථිකයට අධික මූල්‍ය බරක් ඇතිවන බවයි.
ඔහු අනතුරු අඟවා තිබුනේ මෙම තත්වය මත රටේ ආර්ථික සංවර්ධනය අඩපණ විය හැකි බවයි.