
රටවල් කිහිපයක් විදේශීය වෘත්තිකයන්ට Work visa ලබා ගැනීම සැලකිය යුතු ලෙස පහසු කර තිබෙනවා.
මේ අතරින් ඕස්ට්‍රේලියාව පසුවන්නේ 4 වන ස්තානයේයි.
TSS වීසා බලපත්‍රය ලබාගැනීමේ කාලසීමාව අඩු කර (MLTSSL) ලැයිස්තුගත කර ඇති වෘත්තීන් සඳහා වීසා නිකුත් කිරීමේ කාලය මාස 2 සිට 4 දක්වා අඩුකර තිබෙනවා.

2023 දී හඳුන්වා දුන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ මගින් ඇතැම් work visa සඳහා වයස් සීමාව අවුරුදු 45 සිට 50 දක්වා ඉහළ නංවා තිබුනා.
එමඟින් වඩාත් පළපුරුදු වෘත්තිකයන්ට සුදුසුකම් ලැබීමට ඉඩ සැලසන බවයි වාර්තා වල දැක්වෙන්නේ.

ග්‍රාමීය ප්‍රදේශවල හදිසි ශ්‍රම හිඟය හේතුවෙන් කලාපීය වීසා වැඩසටහන් සති 6 සිට 8 දක්වා කාලය තුළ ලබාදෙන බවද සදහන්.
2024 දී, පුහුණු සේවකයින් සඳහා අවම වැටුප් සීමාව AUD 70,000 දක්වා වැඩි කරනු ලැබුවා.
ලැට්වියාව අඩු වියදම් සහිත පුහුණු සේවක වීසා සඳහා ලබාදීමේ ඉදිරියෙන්ම පසුවන රටක් ලෙස හදුනාගෙන ඇති අතර අයර්ලන්තය ද ඉහළම ස්තානයක පසුවනවා.
විශේෂයෙන් තාක්ෂණික සහ සෞඛ්‍ය සේවකයින් සඳහා, දිගුකාලීන වීසා විකල්ප ලබා දෙන රටක් ලෙසයි අයර්ලන්තය හදුන්වන්නේ.
අයිස්ලන්තය ජාත්‍යන්තර සේවකයින්ට අඩු ආදායම් සහිතව කොන්දේසි සහිත බලපත්‍ර ලබා ගත හැකි රටක් ලෙසයි හදුනාගෙන තිබෙන්නේ.
ජර්මනිය සහ එක්සත් රාජධානිය ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා පමණක් වීසා ලබා දෙන අතර, සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට අවස්තා හිමිකර ගත හැකි වනවා.
මේ අතර, ස්පාඤ්ඤය, පෝලන්තය සහ අමරිකාවද රැකියා සංක්‍රමණය සඳහා මාර්ග ලබාදුන්නද දැඩි රෙගුලාසි අන්තර්ගත කර තිබෙනවා.