Search

වසර 16 කට පෙර මෙල්බන්හිදී වෙන්කළ බද්ධ නිවුන් දරුවන්

මෙල්බන් හී දී වසර 16කට පෙර විශ්මයජනක සැත්කමක් මගින් වෙන් කරන ලද බද්ධ නිවුන් දරුවන් මේ වන විට නිරෝගී සුවයෙන් සිටින බව මාධ්‍යට වාර්තා කර තිබෙනවා.

වසර 16කට පෙර පැවති වෛද්‍ය තාක්ෂණයත් සමග මෙම බද්ධ නිවුන් දරුවන් වෙන් කිරීම ඉතා අසීරු කාර්යයක් වූ බව සැත්කම සිදුකල වෛද්‍යවරුන් කියා සිටියා.

Hope Foundation හී නිර්මාතෘවරිය වන මොයිරා කෙලී නම් කාන්තාවක් බංගලාදේශයේ අනාථ නිවාසයකින් මෙම නිවුන් දරුවන් බේරාගෙන ඔස්ට්‍රේලියාවට රැගෙන විත් තිබුනා.

පසුව මොයිරා ඔවුන් දෙදෙනාව හදා වඩා ගත් අතර වකුගඩු අකර්මණ්‍ය වීමෙන් පීඩා විදිමින් සිටියදී පවා සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදමින් සිටින ක්‍රිෂ්ණාට වකුගඩුවක් පවා පරිත්‍යාග කර තිබෙනවා.

ක්‍රිෂ්ණා සහ ත්‍රිෂ්ණා යන මෙම නිවුන් දරුවන් දෙදෙනාකියා සිටියේ ඔස්ට්‍රේලියානුවන් වීම ගැන තමන් ආඩම්බර වන බවත් සිය මව ලබාදුන් දෙවෙනි ජීවිතයට සදා ණයගැති වන බවයි.

2009 වසරේ ලෝකයක් බලා සිටියදී පැය 29 ක සැත්කමක් මගින් ඔවුන් දෙදෙනා වෙන් කල අතර තමන් ජීවත් වීමේ ගෞරවය රෝහලටද සිය මවටද හිමිවිය යුතු බව ත්‍රිෂ්නා සදහන් කර සිටියා.

සැත්කම සිදුකරන විට ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 2යි මාස 9ක් වූ අතර වෙන් කිරීමේ සැත්කමට පෙර තවත් සැත්කම් 20කට වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »