
හෙට සිට ඔස්ට්‍රේලියානුවන්ගේ වැටුප් වැඩිවීම ආරම්භ වන බව ෆෙඩරල් රජය පවසනවා.
ජාතික අවම වැටුප් වැඩි කිරීමට Fair Work කොමිසම ගත් තීරණය හෙට සිට මිලියන සංඛ්‍යාත ඕස්ට්‍රේලියානුවන්ගේ වැටුපට එකතුවන බවයි රජය කියාසිටියේ.
පසුගිය මාසයේ ජාතික අවම වැටුප සහ මොඩර්න් අවෝඩ් අවම වැටුප සියයට 3.5 කින් වැඩි කළ යුතු බවට කොමිසම තීන්දු කළා.

මීට පෙර පැවති අවම වැටුප සතියකට ඩොලර් 915.90 ක් වන අතර සියයට 3.5 ක වැඩිවීමෙන් එයට සතියකට තවත් ඩොලර් 30 ක මුදලක් එකතු වනවා.
2021 වසරේ සිදුකළ අවම වැටුප් ප්‍රදානයෙන් සේවකයින්ගේ වැටුප් අනුපාතවල සැබෑ වටිනාකම අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කොමිසමේ සභාපති විනිසුරු ඇඩම් හැචර් පැවසුවේ.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සියයට 2 ත් 3 ත් අතර අඛන්ඩව පවතින බව සලකා අවම වැටුප් ගෙවීම් උද්ධමනයට වඩා ඉහළ නැංවීම සුදුසු බවයි කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.