
ආරක්ෂක වියදම් වැඩි කිරීමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ චීන තානාපති අගමැති ඇන්තනි ඇල්බනීස්ට අනතුරු අඟවා තිබෙනවා.
චීන තානාපති ෂියාඕ චියෑන් තර්ක කරමින් කියා සිටියේ චීනයේ ආරක්ෂාව සදහා එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක් පමණක් වියදම් වන බවයි.
ඔස්ට්‍රේලියාව ආරක්ෂක වියදම් වැඩි කිරීම මගින් ආර්ථිකයට අධික මූල්‍ය බරක් ඇතිවන බව ඔහු පෙන්වාදෙනවා.

ඔහු අනතුරු අඟවන්නේ එසේ වුවහොත් රටේ ආර්ථික සංවර්ධනය අඩපණ විය හැකි බවයි.
මේ අතර පසුගියදා ඔස්ට්‍රේලියාවේ යුධ වියදම් තවත් වැඩි කරන ලෙස අමරිකාව රජයෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් එහිදී අවධාරණය කර සිටියේ අයවැයෙන් මේ වනවිටත් ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවයි.
කෙසේවෙතත් ආරක්ෂක වියදම් වැඩිකරනවාද නැදද යන තීරණය පාර්ලිමේන්තු සභිකයන් අතරද දැඩි විවේචනයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.