
චීනයේ EV රථ නිෂ්පාදකයෙකු වන Xiaomi එහි දෙවන වාහනය හදුන්වා දී පැයක් ඇතුළත පෙර ඇණවුම් 289,000ක් ලබාගෙන තිබෙනවා.
ආසන පහක් සහිත YU7 සඳහා මෙම පෙර ඇණවුම් ලැබී ඇති අතර, එහි මිල යුවාන් 253,500 න් එනම් ඩොලර් 54,000හේ සිට ආරම්භ කර ඇති බවයි සමාගම කියා සිටියේ.
Xiaomi ලොව දෙවන විශාලතම Smartphone නිෂ්පාදකයාද වනවා.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලී ජුන් පැවසුවේ ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයෙන් තමන් මවිතයට පත් වූ බවයි.
තවද එම විකුණුම් වලින් පසු Xiaomi සමාගමේ කොටස් වටිනාකම 8% කින් ඉහළ ගොස් තිබෙනවා.

YU7 යනු Xiaomi සමාගමේ දෙවන වාහනය වන අතර Tesla Model Y වාහනයට වඩා 4% කින් එහි මිල අඩු බවයි වාර්තා වන්නේ.
දේශීය පරිභෝජනය ඉහළ නැංවීම සඳහා පුළුල් කර්මාන්ත තල්ලුවක කොටසක් ලෙස, Xiaomi සමාගම පසුගිය වසරේ සිය SU7 EV මාදිලිය සමඟින් මෝටර් රථ නිෂ්පාදනයට සිය පළමු පිවිසුම හිමිකරගනු ලැබුවා.