Search

විශාලතම සෞඛ්‍ය රක්ෂණ සමාගමකට $ මිලියන 35 ක දඩයක්

ගණුදෙනුකරුවන් නොමග යැවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සමාගමකට ඩොලර් මිලියන 35 ක දඩයක් නියම කර තිබෙනවා.

වසර 5 ක් තිස්සේ ගණුදෙනුකරුවන් සෞඛ්‍ය ආවරණ ලබා නොමැති බවට ගණුදෙනුකරුවන්ට රැවටීමට ලක්කිරීම සම්බන්ධයෙන් Bupa රක්ෂණ සමාගමට පාරිභෝගික කොමිසම විසින් නඩු පවරනු ලැබුවා.

එහිදී අධිකරණය විසින් ඔවුන්ට මිලියන ගණනක දඩයක් නියම කර ඇති අතර මේ සම්බන්ධයෙන් බූපා සමාගම සිය ගණුදෙනුකරුවන්ගෙන් සමාව ඇයද තිබෙනවා.

එහිදී සෞඛ්‍ය ආවරණ චෝදනාව සම්බන්ධයෙන් බූපා වරද පිළිගෙන ඇති බව සඳහන්.

ඉන් බොහෝ ගණුදෙනුකරුවන් රෝහල් ප්‍රතිකාර සඳහා සම්පූර්ණ හිමිකම් ඇති අය වන අතර සෞඛ්‍ය ආවරණයෙන් කොටසක් හිමිකම් පාන ගණුදෙනුකරුවන්ටද ආවරණය ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙහිදී බලපෑමට ලක්වූ හිමිකම් 4100 කට පමණ ඩොලර් මිලියන 14.3 ක වන්දි ගෙවීමක් ද බූපා විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »