Search

ලෝක පුදුම හතෙන් එකක් ආරක්ෂා කිරීමට මුදල් රැස්කරන මෙල්බන්හි පුංචි සාරා

ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇති ලෝක පුදුම හතෙන් එකක් වන Great Barrier Reef ආරක්ෂා කිරීම වෙනුවෙන් අරමුදල් රැස්කරන කුඩා දැරියකු පිළිබඳ මෙල්බන් නගරයෙන් වාර්තා වනවා .

දස හැවිරිදි සාරා නම් ඇය Great Barrier Reef වෙනුවෙන් පසුගිය වසර 3 ක සිට cupcakes සහ lollies විකුණා මේ වනවිට ඩොලර් 1600 ක් උපයා ඇති බවයි පැවසෙන්නේ.

සාරා පවසන්නේ Great Barrier Reef නැරඹීමට ගිය අවස්ථාවකදී විසිතුරු කොරල්, ලස්සන සමුද්‍ර ජීවීන් මෙන්ම කැස්බෑ විශේෂයන් කෙරෙහි තමා ඉතා ආකර්ෂණය වූ බවයි.

මේ වනවිට ඇය අරමුදල් එක්රැස් කිරීම වෙනුවෙන් නිවසේම සෑදූ පාට කරන පොත් සහ භාවිත කළ සෙල්ලම් බඩු, රසකැවිලි වර්ගද අලෙවි කරනු ලබනවා.

ඇය පවසන්නේ විකුණුම් ප්‍රචාරණය වෙනුවෙන් පත්‍රිකා සාදා නිවෙස්වල letter boxesවල මෙන්ම එම දැන්වීම WhatsApp groups කිහිපයකට ද යැවූ බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සාරා කියාසිටියේ මහා පරිමාණ කොරල් විනාශ වීම් 6 කට ගොදුරු වී ඇති මෙම ගල්පරය අනාගතයේදී සෑම දෙනාටම භුක්ති විඳීමට හැකිවන පරිදි සංරක්ෂණ කිරීම සඳහා මුදල් රැස්කිරීමට තමන් කැමති බවයි.

තම දියණියගේ අධිෂ්ඨානය ගැන අතිශයින් ආඩම්බර වන බවත් මේ සඳහා මිනිසුන්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන්ද සාරාගේ මව මෙහිදී පැහැදිලි කර සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »