Search

ඉන්සියුලින් එන්නත වෙනුවට ඉන්සියුලින් පෙත්තක් ළඟදීම

ඉන්සියුලින් එන්නතක් සඳහා විකල්පයක් ලෙස හඳුන්වාදුන් ඉන්සියුලින් පෙත්ත සම්බන්ධ රෝගී අත්හදා බැලීම් තවත් මාස කිහිපයකින් ලබාදීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු රසායනාගාර පර්යේෂකයින් පවසනවා.

මෙම නව හදුන්වාදීම වෙනුවෙන් රජය විසින් ඩොලර් මිලියනයක ප්‍රදානයක් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්සියුලින් පෙත්ත පළමු වර්ගයේ දියවැඩියාව සඳහා සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න ඉදිරියේදී තහවුරු කළ හැකි බවයි එන්ඩෝ ඇක්සියම් ප්‍රධාන විධායක වෛද්‍ය නිකලස් හන්ට් පැවසුවේ.

මෙය නිර්මාණය කළ නැනෝ තාක්ෂණය, සත්ව අධ්‍යයනයන්හි ආරක්ෂිත සහ ඵලාදායී ලෙස ක්‍රියා කළ බවද ඔහු පෙන්වාදෙනවා.

මෙම පෙත්ත ඉන්සියුලින් අවශෝෂණයට උපකාර කිරීම සඳහා ස්ථර තුනකින් නිර්මාණය කර තිබෙනවා.

මෙම තාක්ෂණයේ වැදගත්ම අංගය වන්නේ එය පෙත්තක් පමණක් නොව smart insulin යන දෙකම වීම බවයි හන්ට් කියාසිටියේ.

මිනිස් අත්හදා බැලීම් නව වසරේදී ආරම්භ කරන බව පර්යේෂක සොෆී කන්ග් සඳහා කළා.

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »