
ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ට ඔහුගේ කොළ පැහැති ටෙස්ට් තොප්පිය අහිමි වී තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහු මෙම තත්වයට මුහුණ දුන් බවයි මාද්‍ය වාර්තා කලේ.
තරඟයේ පළමු සහ දෙවන ඉනිමේදී ට්‍රැවිස් හෙඩ් විශේශ දස්කම් දක්වනු ලැබුවා.

මේ හේතුවෙන් බාබඩෝස්හිදී ලකුණු 159 ක ජයග්‍රහණයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව අවසානයේ තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සුවපහසු ලෙස ජයග්‍රහණය කලා.
නමුත් තරඟය අතරතුර කමින්ස්ට ඔහුගේ නව තොප්පිය නොමැතිව සිටීමට සිදුව තිබුනා.

කෙසේවෙතත් තරගයෙන් පසු සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන විටත් ඔහු පැරණි ගෙවී ගිය තොප්පියක් පැල ඳ සිටි බවයි වාර්තා වුනේ.