Search

මට නිදහස දෙන්නෙ – පිළිකාවකින් මියගිය දරුවාගේ සංවේදී කතාව

පිළිකා සටනේදී ඕස්ට්‍රේලියානුවන්ගේ හදවත් ආකර්ෂණය කරගත් Uma Tomarchio නම් තරුණිය වසර ගණනාවකට පසු නැවත නැවත රෝගය වැළඳීමෙන් මිය ගොස් තිබෙනවා.

2020 දී Uma Tomarchio ට Acute Lymphoblastic Leukaemia ඇති බව හඳුනා ගන්නා විට ඇයට වයස අවුරුදු දෙකක්.

පසුව එය 2022 දී වඩාත් දරුනු පිළිකාවක් වන Acute Myeloid Leukaemia දක්වා නරක අතට හැරී තිබුනා.

එවකට වයස අවුරුදු හතරක් වූ දැරියගේ ප්‍රතිකාර සඳහා මෙඩිකෙයාර් සහාය ලබා ගැනීමට නොහැකි වී තිබූ බවයි වාර්තා වුනේ
.
ඒ අනූව දැරියගේ දෙමව්පියන් මාධ්‍ය සහ මහජනතාවගෙන් උපකාර ඉල්ලා සිටි අතර, ඕස්ට්‍රේලියානුවන් ඩොලර් 300,000 කට වඩා දැරිය වෙනුවෙන් පරිත්‍යාග කර තිබූ බව සඳහන්.

එම වසරේ සැප්තැම්බර් මාසයේදී, සාර්ථක ඇටමිදුළු බද්ධ කිරීමකින් ඇය බොහෝ දුරට සුවය ලබා කාලය ගත කර තිබුනා.

එහෙත් යළිත් අසනීප තත්වය හටගැනීමෙන් පසු දැරිය මියගොස් තිබූ බවයි වාර්තා වල දැක්වෙන්නේ.

උමා ඇගේ අවසන් දිනවලදී ඇගේ දෙමාපියන්ට දුන් හද කම්පා කරවන පණිවිඩය දැරියගේ මව සිහිපත් කර තිබෙනවා.

අම්මේ .. තාත්තේ මට නිදහස් වීමට දෙන්න යැයි දැරිය පවසා තිබෙනවා.

‘ කිසිදා හමු නොවූ කුඩා දැරියක් බේරා ගැනීම සඳහා ඔබ දහස් ගණනක් කරුණාවන්ත ලෙස එක්රැස් වුණා, එයට බෙහෙවින් ස්තූතියි” යැයි පවසමින් දැරියගේ මව සියල්ලන්ට ස්තූතිය පළකර තිබූ බව සඳහන්.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »