
ඕස්ට්‍රේලියාව නව සංචාරක උපදේශනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට යාමේදී දැඩි ලෙස ප්‍රවේශම් විය යුතු බවට අනතුරු අඟවා තිබෙනවා.
තායිලන්තය, ඩුබායි රාජ්‍යය, මෙක්සිකෝව, එක්සත් රාජධානිය, තායිලන්තය යන රටවලටද මෙය බලපැවැත්වෙන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම රටවල අපරාධ වැඩිවීම, දේශපාලන අස්ථාවරත්වය සහ මහජන අරගල ඇතිවීමේ හැකියාව ඇතුළු ආරක්ෂක අවදානම් ඉහළ ගොස් තිබෙන බව නිවේදනයේ දැක්වෙනවා.

මෙම රටවලට යාමේදී මාධ්‍ය තොරතුරු නිරීක්ෂණය කරන ලෙසත්, පෙළපාලි සිදුවන ප්‍රදේශවලට යාමෙන් වැළකී සිටින ලෙසත් එම් උපදේශනය මගින් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාවට ඇතුළුවීමට electronic travel authorization (ETA) අවශ්‍ය බව ඕස්ට්‍රේලියාව සංචාරකයින්ට සිහිපත් කර දී තිබෙනවා.

එය සංචාරයට පෙර එය සම්පූර්ණ කළ යුතු වනවා.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමේදී Electronic Travel Authorization ලබා ගැනීමේ පහසුකම් සීමිත බව දැනුම් දී තිබෙනවා.
එම නිසා ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත්ව සිටින ලෙසත්, ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රවේශම් වන ලෙසත් පුරවැසියන්ට දැනුම් දෙනවා.