
සිඩ්නි හි Macquarie Fields ප්‍රදේශයේ නිවසක ඇඳක් මතට Porsche SUV රථයක් කඩා වැද තිබෙනවා.
අනතුර සිදු වූ ස්ථානයෙන් රියදුරු සහ තවත් පුද්ගලයෙකු පලා ගොස් ඇති අතර ඔහුව සොයා පොලීසිය සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.
මෝටර් රථය ඉදිරිපස වැටක් හරහා ගොස් පසුව නිවසක ඉදිරිපස බිත්තියට කඩා වැදීමට පෙර විදුලි ට්‍රාන්ස්ෆෝමරයකද ගැටී ඇති බව පොලීසිය සදහන් කර සිටියා.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් සිට නැහැ.
අනතුරට හේතුව තවම සොයාගෙන නොමැති අතර තොරතුරු ඇති ඕනෑම අයෙකුට කැම්බල්ටවුන් පොලිසිය හෝ Crime Stoppers අමතන ලෙස පොලීසිය ඉල්ලා සිටියා.
