Search

නැගෙනහිර වෙරළ තීරයට භයානක අනතුරු ඇඟවීමක්

නැගෙනහිර වෙරළ තීරයේ ඇති විය හැකි අඩු පීඩන තත්වය නිසා තද සුළං සහ වැසි අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි සතියේදී නිව් සව්ත් වේල්ස් , සීඩ්නි සහ නිව්කාස්ල් ප්‍රදේශවලට තද වැසි තත්වයන් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව නැගෙනහිර වෙරළ තීරයේ මිලිමීටර් 100 ත් 200 ත් අතර වර්ශාවක් ඇතිවිය හැකි අතර පැය 48 ක කාලයක් පුරා එය පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා.

අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි අතර ගංගා ජල මට්ටම ඉහළ ගියහොත් සුළු හෝ මධ්‍යස්ථ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා සිටියා.

කාලගුණ විද්‍යා කාර්යාංශය අපේක්ෂා කරන්නේ අඟහරුවාදා වන විට මෙම අවපීඩන තත්වය කලාපයට බලපෑම් කිරීමට පටන් ගන්නා බවයි.

වෙරළ ආශ්‍රිතව රළ, මීටර් 11-13 දක්වා උසකට ළඟා විය හැකි අතර වෙරළබඩ ප්‍රදේශ වලද අනතුරුදායක රළ පහරවල් සහ ගංවතුර අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »