
බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව උපරිම මට්ටමකට ලගා වී ඇති බව මෑතකදී නිකුත් කරන ලද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වාර්තා වල සදහන් වනවා.
පසුගිය වසරේදී සිරකරුවන් සංඛ්‍යාව 40,330 ක් වූ අතර මෙම වසරේදී එය 46,081 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දඬුවම් නියම නොකරන ලද සිරකරුවන් සහ වැරදිකරුවන් ලෙස නම් නොකරනලද සිරකරුවන් 19,119 දක්වා වැඩි වී ඇති අතර එය බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ගෙන් 42%ක් වනවා.

සිඩ්නි නීතිපීඨයේ ආචාර්ය තලියා ඇන්තනී කියා සිටියේ බොහෝ ප්‍රාන්තවල අපරාධ සඳහා ඇප ලබා නොදීම සහ ප්‍රමාද කිරීම මෙම ගැටලුවට හේතු වී ඇති බවයි.
ඇය පෙන්වා දෙන්නේ රජය බන්ධනාගාර විශාල කිරීමට අවදානය හා සම්පත් යෙදවීම සිදුකරන අතර අපරාධවරුවන් ඇති නොවීමට ප්‍රජාවට සගයෝගය නොදක්වන බවයි.

සිරකරුවන් අනුපාතය දැන් 100,000 දෙනෙකුට 214ක් වන අතර ඉන් 92%ක් පමණ පිරිමි පුද්ගලයින් වනවා.
ඔස්ට්‍රේලියාව G20 රටවලින් 7වන වැඩිම සිරකරුවන් අනුපාතය සිටින රට වන අතර 2023-24 වසර corrective services සඳහා රජය වියදම ඩොලර් බිලියන 6.52 ක් බවයි වාර්තා වන්නේ.