
Sydney’s Inner West ප්‍රදේශයේ සිදුවූ දරුණු අනතුරකින් පසු යෞවනයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එර්ස්කින්විල් හිදී [Erskineville] මෝටර් රථයක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී රියදුරා වාහනය නැවැත්වීමට අපොහොසත් වු බවයි පොලිසිය පවසන්නේ.
පසුව සිදුකළ ලුහුබැඳීමකදී රථය මාර්ගය අසල තිබූ කණුවක ගැටී තිබෙනවා.

අනතුරෙන් පසු යෞවනයන් 6 දෙනා පළා ගිය ද අවට ප්‍රදේශයෙන් සොයාගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී balaclavas, අත්වැසුම් සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 14 ක් වන රියදුරුට උදර වේදනාව සඳහා එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දී සිඩ්නි ළමා රෝහලට ඇතුළත් කෙරුණා.
අනෙක් යෞවනයන්ට තුවාලයක් සිදු වී නොමැති වුවද ආරක්ෂාව සඳහා ඔවුන් ද එම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.