
ඕස්ට්‍රේලියාවේ හොඳම වැටුප් ලබන රැකියා නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය නිකුත් කළ 2022–23 වාර්ෂික සංඛ්‍යාලේඛන අනුවයි ඒවා ප්‍රකාශයට පත්කර ඇත්තේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුපක් ලබන්නේ ශල්‍ය වෛද්‍යවරයායි. (Surgeon)

ඔවුන් ලබන වාර්ෂික වැටුප ඩොලර් [$] 472,475 ක් වනවා.
2 වන ස්ථානයේ පසුවන්නේ නිශ්චේදක වෛද්‍යවරයා (Anaesthetist) වන අතර ඔවුන් වාර්ෂිකව ඩොලර් $ 447,193 ක වැටුපක් ලබනවා.

Financial dealer 3 වන ස්ථානය ලබාගෙන ඇත්තේ වාර්ෂිකව ඩොලර් [$] 355,233 ක වැටුපක් ලබාගනිමින්.
වාර්ෂිකව ඩොලර් [$] 342,457 ක වැටුපක් ලබන අභ්‍යන්තර වෛද්‍ය විශේෂඥයා (Internal medicine specialist) 4 වන ස්ථානයටත් ඩොලර් [$] 288,146 ක වැටුපක් ලබන මනෝ වෛද්‍යවරයා (Psychiatrist) 5 වන ස්ථානයටත් පත්ව තිබෙනවා.
වෙනත් වෛද්‍ය විශේෂඥයන් (Other medical practitioners) 6 වන ස්ථානය සහ භූගත ව්‍යාපෘති ඉංජිනේරු (Mining engineer) 7 වන ස්ථානයේ පසුවනවා.
අධිකරණ හෝ නීතිමය වෘත්තියෙකු (Judicial/legal professionals ) ලැයිස්තුවේ 8 වන ස්ථානයත් ප්‍රධාන විධායක නිළධාරියා (CEO/Managing Director) 9 වන ස්ථානයත් මූල්‍ය ආයෝජන උපදේශකයා (Financial investment adviser) 10 වන ස්ථානයත් ලබාගෙන තිබෙනවා.