මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකුට වෛරසය වැළඳී නැතැයි හෙළිවෙයි

මෙල්බර්න් නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාධිතයන් ලෙස වාර්තා වූ දෙදෙනෙකුට වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී තිබේ.

වැඩිදුර පරීක්ෂාවලදී ඔවුන්ට වෛරසය ආසාධනය නොමැති බවට සනාථවීම ඊට හේතුවයි.

මින් එක් අයෙකු කාන්තාවක වන අතර ඇය Metricon display homes පරිශ්‍රයේ ආසාධිතයෙකු ලෙස වාර්තා වී තිබුණා.

අනෙක් තැනැත්තා පිරිමි අයෙකු වන අතර ඔහු Bright Beach හෝටලයෙනුයි කොවිඩ් ආසාධිතයෙකු බවට හෙළිවී තිබුණේ.

මෙම දෙදෙනාගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන දැනට නිරෝධායනය කර ඇති සියල්ලන් ඉන් මුදා හැරීමටද වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »