
ඕස්ට්‍රේලියාව ප්‍රථම වරට නිපදවන ලද රොකට්ටුවක් දියත් කිරීමට සූදානම් වනවා.
Gilmour Space Technologies ආයතනය අපේක්ෂා කරන්නේ ජූලි 1 ත් 3 ත් අතර දිනවල එය කක්ෂගත කිරීමටයි.
එරිස් [Eris] නමින් හැඳින්වෙන රොකට්ටුව 25m ක් උසින් සහ අදියර තුනකින් යුක්ත වනවා.

රොකට්ටුව ටවුන්ස්විල් [Townsville] සිට 150km ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි බොවන් ඕර්බිටල් අභ්‍යවකාශ තොටුපළෙන් [Bowen Orbital Spaceport] දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
30,000kg ක් බරැති Eris රොකට්ටුව එකලස් කිරීමේ කටයුතු වෙනුවෙන් පසුගිය වසර තුනක කාලය තුල ඩොලර් මිලියන 100කට වඩා වැඩි වියදමක් දරා ඇති බව සඳහන්.

මෙය රොකට්ටුව කක්ෂගත කිරීමේ දෙවන උත්සාහය වන අතර පළමු උත්සාහය අත්හිටවනු ලැබුවා.
මෙය සාර්ථක වුවහොත් තමන්ගේ භූමියෙන් රොකට් අභ්‍යවකාශගත කළ හැකි රටවල් අතරට එක් වීමේ ඉතිහාසගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකි වනවා.
මෙම වසර අගදී තවත් රොකට්ටුවක් කක්ෂගත කිරීමේ අපේක්ෂාවෙන් පසුවන ගිල්මෝර් අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ මිනිසුන් රැගෙන යා හැකි රොකට්ටුවක් නිෂ්පාදනය කිරීමට ද අවධානය යොමුවී ඇති බවයි.