Search

Caravan රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබාදෙන්නැයි ඉල්ලීම්

 

 

ඕස්ට්‍රේලියානු මාර්ගවල වැඩි වන කැරවාන් [caravan] අනතුරු මැඩපැවැත්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

කර්මාන්ත විශේෂඥයින් පෙන්වා දෙන්නේ මාර්ගවලට වැඩි වාහන සංඛ්‍යාවක් ඇතුළු වන බැවින් කැරවාන් ඇදගෙන යන රියදුරන් සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම වැදගත් බවයි.

ආරක්ෂිත ඇදගෙන යාමේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මාර්ගවල සිදුවන කැරවාන් අනතුරු සම්බන්ධ මරණ අනුපාතය අඩු කළ හැකි බව ද විශේෂඥයින් සඳහන් කරනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් හි ඉදිරි වසර සඳහා ප්‍රවාහන සහ ප්‍රධාන මාර්ග අයවැය නිකුත් කර ඇති අතර, ආරක්ෂිත රිය පැදවීමේ මුලපිරීම් කෙරෙහි එහිදී අවධානය යොමු කර තිබීම කර්මාන්ත විශේෂඥයින් අගය කර තිබෙනවා.

රියදුරන් සඳහා ඇදගෙන යාමේ පාඨමාලා සහනාධාර ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ක්වීන්ස්ලන්ඩ්හි පෞද්ගලික කැරවාන් ඇදගෙන යාමේ පාඨමාලා සඳහා ඩොලර් 500 ක් පමණ වැය වන අතර බොහෝ රියදුරන් පාඨමාලාවක් හැදෑරීමකින් තොරව මාර්ගවලය පිවිසෙනවා.

ක්වීන්ස්ලන්ඩ් කැරවාන් සහ වෙළඳ කර්මාන්ත සංගමය [CTIAQ] සිදු කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ප්‍රාන්තයේ RV හිමිකරුවන්ගෙන් සියයට 80 ක් නිසි අධ්‍යාපනයක් ලබා තිබුණේ නම් ඔවුන්ගේ රිය පැදවීමේ හැසිරීම වඩා හොඳ අතට හැරෙනු ඇති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »