
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයට දරුණු ශීත කුණාටු තත්ත්වයක් ලබන සතියේ උදාවන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මෙය වසර 3 කට පසු උදාවන අඩුම East Coast Low (ECL) පද්ධතිය වීමට හැකියාවක් ඇති අතර අධික වර්ෂාව, තද සුළං සහ දරුණු රළ පහර ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.
New South Wales ප්‍රාන්තයට මෙහි දරුණු බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නැගෙනහිර වික්ටෝරියාව සහ නිවර්තන ක්වීන්ස්ලන්තය දක්වා ද ශීත කුණාටුවෙන් බලපෑම් එල්ල වනු ඇති බවටයි දැනුම් දී ඇත්තේ.
හෙක්ටෝපැස්කල් 22 hPa සිට 24 hPa දක්වා පීඩන පහත වැටීමක් ලබන සතියේ අපේක්ෂා කෙරෙනවා.

මෙය “weather bomb” සම්මතයට පැහැදිලිව අනුකූල වන බවයි කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.