Search

ඔස්ට්‍රේලියානු මුහුදෙන් tiny seahorses වඳ වෙයිද ?

 

 

කුඩා මුහුදු අශ්වයන් [tiny seahorses] ඕස්ට්‍රේලියානු මුහුදෙන් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

New South Wales සහ Queensland වෙරළ කලාපයේ වැඩි වේගයකින් මුහුදු අශ්වයන් වඳවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ 2009 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ New South Wales හි මුහුදු අශ්ව ජනගහණය 90% ක් පමණ විනාශ වී ඇති බවයි.

Queensland විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක රෝවන් කැරෙව් [Rowan Carew] මේ පිළිබ‍ඳ නවතම පර්යේෂණ මෙහෙයවමින් සිටිනවා.

ඇය පෙන්වා දෙන්නේ මුහුදු අශ්වයින් වඳ වී ගියහොත් ඕස්ට්‍රේලියාවේ සාගර දරුණු තත්ත්වයකට පත්වනු ඇති බවයි.

මුහුදු අශ්වයින් යනු ඇඟවීම් ලබාදෙන විශේෂයක් (indicator species) වනවා.

මෙම විශේෂ අහිමි වුවහොත් ඔවුන් සිටින පරිසර පද්ධතිය සෞඛ්‍යයට අහිතකර බව ඇඟවෙන අතර එය මෙම පරිසර පද්ධතිවල සිටින සියලුම වර්ගවල සතුන්ට බලපෑමක් ඇති කරන බවයි රෝවන් කැරෙව් පවසන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »