Search

ජෛව ආරක්ෂණ පාලන නීති කඩන අයට දෙන දඩුවම් ප්‍රමාණවත් නැහැ – ඔස්ට්‍රේලියානු කෘෂිකර්ම අංශ කියයි

 

 

දැඩි ජෛව ආරක්ෂණ පාලනයක අවශ්‍යතාව ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික අංශ පෙන්වා දෙනවා.

සිඩ්නි කළු වෙළඳපොලේ බෙදා හැරීම සඳහා තායිලන්තයෙන් මස් සහ තවත් නිෂ්පාදන ටොන් 62 කට ආසන්න ප්‍රමාණයක් වඩා නීති විරෝධී ලෙස ආනයනය කළ කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගැණුනා.

කාන්තාවට මාස 24 ක දැඩි නිවැරදි කිරීමේ නියෝගයක් [intensive corrections order] සහ පැය 150 ක ප්‍රජා සේවයක් දඩුවම් ලෙස ලබාදීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

කර්මාන්ත නියෝජිතයින් පෙන්වා දෙන්නේ එය ජෛව ආරක්ෂණ පාලන නීති උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් දඩුවමක් නොවන බවයි.

නීති උල්ලංඝනය කරන්නන්ට දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසයි ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික අංශ ඉල්ලා සිටින්නේ.

අදාළ කාන්තාව ව්‍යාජ ලෙස ලේබල් කරන ලද polystyrene පෙට්ටි තුළ දමා ශිත කළ ගෙම්බන්, ඉස්සන්, ඌරු මස් සහ කෘමීන්ගෙන් පිරුණු පළතුරු ඇතුලු ආහාර තොගයක් ආනයනය කර තිබුණා.

පොලිසියට ලැබුණු ඔත්තුවක් මත ඔස්ට්‍රේලියා දේශසීමා නිළධාරීන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »