
ප්‍රචණ්ඩත්වය සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිරන්තරයෙන් සිදුවන අපරාධ සම්බන්ධයෙන් මෙල්බන් ප්‍රදේශවාසීන් ඉතා අපහසුතාවට පත්ව සිටිනවා.
පසුගියදා Footscray නගරයේ පිහිටි කැෆේ හිමිකරුවෙකු සිය සාප්පුව තුළදීම පහරකෑමකට ලක්වුණා.
නගරය තුළ ආරක්ෂාවක් නොමැති බව පවසමින් මේ වනවිට සිය ව්‍යාපාරය වසා දැමුූ බවයි ඔහු පවසන්නේ.

Cafe එක විවෘත කර මාස 7 ක් පමණ වන අතර තමන්ට ජීවිතය අහිමිකර ගැනීමට අවශ්‍ය නොවන බැවින් ව්‍යාපාරය වසා දැමීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.
මේ අතර අද අලුයම මෙල්බර්න්හි කාර්යබහුලම වීදියක් වන CBD හි කොලින්ස් වීදියේදී පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා.

එය ඝාතනයක් ද යන්න පිළිබඳ සොයාබැලීමට පොලීසිය තවමත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
එමෙන්ම මෙල්බන් නගරයේ Woolworths හි ආරක්ෂක නිලධාරියෙකුට ඊයේ රාත්‍රියේ පිහියකින් ඇන තිබෙනවා.
අපරාධය සිදුකළ දෙදෙනෙකු ඉන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය කටයතු කරමිනුයි සිටින්නේ.