
කොරෝනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්ත නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ.
ඇඳන් 500 ක පහසුකම්වලින් සමන්විත ඒ සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 200 කි.
Avalon ගුවන් තොටුපළ පරිශ්‍රයේ එය ඉදි කිරීමටයි යෝජනා වී ඇත්තේ.

මීට අදාළව ෆෙඩරල් රජය සහ වික්ටෝරියා ප්‍රාන්ත රජය අතර අවබෝධතා ගිවසුමකටද අත්සන් තැබීමටද නියමිතව තිබේ.
මෙම ගොඩනැගිල්ල පසුගිය පෙබරවාරියේදී ඉදි කිරීමට නියමිත වුවද විවිධ හේතු මත කල් දමනු ලැබූ අතර නැවතත් කොවිඩ් ආසාධිතයන් හමුවීම ඉහළයාම සමග එම යෝජනාව ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

Pic – (AAP: Glenn Campbell)