Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 44% ක් මත්පැන් පානය නැවැත්වීමට කැමතියි

මත්පැන් පානය රෝග තත්ත්වයන් 200 කට අධික සංඛ්‍යාවකට හේතුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනනවා.

පිළිකා සහ අක්මා රෝග වැනි ජීව විද්‍යාත්මක සෞඛ්‍ය අවදානම් මෙන්ම මෝටර් රථ අනතුරු, දියේ ගිලීම් සහ සියදිවි නසාගැනීම් වැනි දේවල්වල් ද ඊට ඇතුලත් වනවා.

ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ මධ්‍යසාර ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එමානුවෙල් කුන්ට්ෂේ පවසන්නේ මද්‍ර්‍යසාර පානය නොකරන්නේ නම් හොඳ නින්දක්, සම පැහැපත් වීම සහ ශරීරය සමබරතාව ඇතිවීම වැනි යහපත් සෞඛ්‍ය තත්වයන් ඇති විය හැකි බවයි.

මත්පැන් පානය පාලනය කිරීමෙන් ජීවිතය භුක්ති විඳීමේ හැකියාව ලැබෙන බවයි විශේෂඥයින් පෙන්වාදෙන්නේ.

මෑතකදී කරන ලද මත විමසුමකින් හෙළි වී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 44 ක් මත්පැන් අඩුවෙන් පානය කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නතර කිරීමට කැමති බවයි.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු පැවසුවේ අඩුවෙන් මත්පැන් පානය කිරීමෙන් ඔවුන්ගේ ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු වන බව හා මානසික සෞඛ්‍යය ද වැඩි දියුණු වන බවයි.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වාදෙන්නේ මත්පැන් පානය කිරීමෙන් ශරීර සෞඛ්‍යයට කිසිදු යහපතක් නොමැති බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »