Search

බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංගලාදේශය සමග පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ් අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ මුහුණදුන් පළමු තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවුණා.

ඊයේ 3 වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි බංගලාදේශ කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියා.

අද තරගය ආරම්භ වී  පැය භාගයක පමණ කාලයකදී බංගාදේශ කණ්ඩායමේ ඉතිරි කඩුළු සියල්ල ලකුණු  133 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458 ක් ලබාගත් අතර එහිදී පැතුම් නිස්සංක ලකුණු 158 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 93 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 84 ක් ලබා ගත්තා.

බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 247 ක් රැස් කළා.

තරගයේ වීරයා ලෙස පැතුම් නිස්සංක නම් කෙරුණු අතර ශ්‍රී  ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ වීරයා වූයේ ද  පැතුම් නිස්සංකයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »