Search

සිඩ්නි මාර්ගයක ඇඳි අමුතු වටරවුම් මාර්ග සලකුණ

ඉතා අකාර්යක්ෂම මාර්ග සංඥා නිර්මාණයක් රියදුරන්ගේ දැඩි විරෝධය මත ඉවත් කිරීමට සිඩ්නිහි ලිවර්පූල් කවුන්සිලයට සිදුව තිබෙනවා.

එම කවුන්සිලය පසුගියදා දියමන්ති හැඩයේ වටරවුම් මාර්ගයක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

මෙම දියමන්ති හැඩයේ වටරවුමෙන් ගමන් කරන රියදුරන් මෙම රේඛා නොසලකා හරිමින් ධාවනය කරන අතර ඔවුන් චෝදනා කරන්නේ දියමන්ති හැඩයේ ගමන් කිරීම ඉතා අසීරු බවයි.

කවුන්සිලය පෙන්වාදෙන්නේ ඊට විරුද්ධව පැමිණිලි රාශියක් ලැබුණු බැවින් දියමන්ති වටරවුම වෙනස් කිරීමට ඊයේ කටයුතු කළ බවයි.

කෙසේවෙතත් රියදුරෙකු පැවසුවේ දියමන්ති හැඩය මත කළු තීන්ත ආලේප කර ඇති අතර පෙර තිබූ සලකුණ ඉවත්කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලිවර්පූල් කවුන්සිලයේ ප්‍රාදේශීය මන්ත්‍රී නේතන් හගාර්ටි කියාසිටියේ මෙම සලකුණ ඔවුන් විසින් ලබාදුන්දේට නොගැලපෙන අතර කොන්ත්‍රාත්කරුවන් මීට වගකිව යුතු බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »