Search

විරෝධතාවකදී හිටපු ග්‍රීන්ස් අපේක්ෂිකාවගේ ඇසක් අහිමිවීමේ අවදානමක

සිඩ්නි නුවර පැවති විරෝධතාවකදී සිදුවූ පහරදීමකින් හිටපු ග්‍රීන්ස් අපේක්ෂකවරියකගේ එක් ඇසක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

35 හැවිරිදි හැනා තෝමස් නම් ඇය අගමැති ඇන්තනි ඇල්බනීස්ට එරෙහිව තරඟ කළ අපේක්ෂිකාවක් වනවා.

ඊයේ සිඩ්නි හි නිරිතදිග බෙල්මෝර්හි ව්‍යාපාරයකට පිවිසීම අවහිර කරමින් විරෝධතාකරුවන් 60 දෙනෙකු පමණ උද්ඝෝෂණයේ නිරතව සිටියා..

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ එම ව්‍යාපාරය ඊශ්‍රායලය ඇතුළු රටවල් විසින් භාවිතා කරනු ලබන F-35 ජෙට් යානා සඳහා කොටස් සෑදීමේ කර්මාන්ත ශාලාවක නිරත වන බවයි.

මෙය කිසිදු අවසරයකින් තොරව සිදුකළ විරෝධතාවයක් හේතුවෙන් කණ්ඩායමේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ පහරදීමකින් ග්‍රීන්ස් අපේක්ෂිකාවගේ එක් ඇසක් ඉදිමී ඇති අතර මුහුණේ ලේ ගැලීමක් ද සිදුව තිබෙනවා.

කෙසේවෙතත් ග්‍රීන්ස් පක්ෂය චෝදනා කරන්නේ සාමකාමී විරෝධතාවට පොලීසිය ප්‍රචණ්ඩ ලෙස පහරදුන් බවයි.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »