Search

ඔස්ට්‍රේලියානුවන්ට වසංගත රෝගයකට එන්නත් ලබාගන්නැයි අනතුරු ඇඟවීමක්

යුරෝපයේ ජනප්‍රිය සංචාරක රටවල්වල හෙපටයිටිස් A ව්‍යාප්ත වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට වහාම එන්නත් ලබාගැනීමට උපදෙස් දී තිබෙනවා.

ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, හංගේරියාව, ස්ලෝවැකියාව , ජර්මනිය හා තවත් යුරෝපා රටවල් කිහිපයක් පුරා රෝගීන් දහස් ගණනක් වාර්තා වී ඇති බවයි වෛද්‍ය සංගම් අනතුරු අඟවා ඇත්තේ.

මෙම රෝගය වැළඳුණු බහුතරය ප්‍රධාන වශයෙන් දුර්වල සනීපාරක්ෂක තත්ත්වයන් යටතේ ජීවත් වන පුද්ගලයින්, මත්ද්‍රව්‍ය එන්නත් කරන පුද්ගලයින් සහ නිවාස රහිත වයෝවෘද්ධයින් ලෙස හදුනාගෙන තිබෙනවා.

වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින්ට රෝගයේ බලපෑම මධ්‍යස්ථ වන අතර අවුරුදු 40 ට වැඩි පුද්ගලයින් සදහා රෝග අවදානම ඉහළ වනවා.

මෙහි මූලික රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව,  ඔක්කාරය ,පාචනය, උදර වේදනාව, ආහාර අරුචිය,දැඩි කැසීම සහ සම කහ පැහැයට හැරීම ඇතුලත් වනවා.

වෛරසය ආසාදනය වීමේ වඩාත් ආසන්නතම හේතූන් වන්නේ දූෂිත ආහාර, ජලය හෝ රෝගය ඇති අයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමයි.

වෛරසය ආසාදනය වීමට පෙර හෝ ආසාදනය වී සති දෙකක් ඇතුළත එන්නතක් ලබා ගැනීම මඟින් රෝගය වර්ධනය වීම වළක්වා ගත හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »