Search

අවම වැටුපක් ලබන සේවකයෙකුට සතියට ඉතුරු වෙන්නෙ $33 යි

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් බලශක්ති ණය බරින් මිරිකී සිටින අතර මූලික වියදම් පියවා ගැනීමෙන් පසු මුදල් ඉතිරි නොවන බව Anglicare Australia වාර්තාවක සදහන් වනවා.

අවම වැටුපක් ලබන පූර්ණ කාලීන සේවකයෙකුට කුලිය, ආහාර සහ ප්‍රවාහන වියදම් වලින් පසු සෑම සතියකම අවම ඩොලර් 33 ක් පමණක් ඉතිරි වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

නව වාර්තාව අනුව රජයේ ආධාර ලැබීමෙන් පසුව වුවද දරුවන් නොමැති පවුලකට ඩොලර් 1 ක් සහ දරුවන් දෙදෙනෙකු සිටින පවුලකට සතියකට ඉතිරි වන්නේ ඩොලර් 5 ක් පමණක් බව දක්වා තිබෙනවා.

මෙම වාර්තාව සදහා සතියකට වැයවන මූලික වියදම් පියවා ගැනීමට, අවම වැටුප කෙසේ ප්‍රමාණවත් වේද යන්න විශ්ලේෂණය කර තිබෙනවා.

Anglicare නියෝජ්‍ය අධ්‍යක්ෂක Kasy Chambers කියා සිටියේ මේ වන විට පූර්ණ කාලීන රැකියාවකින් පවා සෑහීමකට පත් ජීවිතයක් ගත කිරීමට නොහැකි බවයි.

තවද 330,000කට වැඩි පාරිභෝගිකයන් පිරිසක් විදුලි සමාගම්වලට ඩොලර් මිලියන 300ක් පමණ ණය වී ඇති බවද වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »