
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
චෝදනා කිහිපයක් මත කරනු ලබන විමර්ශන කටයුතුවලට අදාළවයි හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනුනේ.
හිටපු සභාපතිවරයාට ඇති දූෂණ චෝදනා වන්නේ.

2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පුර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත තිබූ අංක UL 319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම.
එමගින් රජයට $ 4,512ක් පාඩු කිරීම එක් චෝදනාවක් වනවා.

2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL 563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම.
එමගින් රජයට $ 19,160ක් රජයට පාඩු කිරීමට අදාලව චෝදනා එල්ල වනවා.
2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් රුපියල් 1,250,000ක් වියදම් කිරීම යන චෝදනා නිශාන්ත වික්‍රමසිංහට එරෙහිව පවතිනවා.