
ට්‍රම්ප් පරිපාලනය විදේශ ආයෝජකයින් සඳහා පැනවූ “පළිගැනීමේ” බද්ද සඳහා සැලසුම් අවලංගු කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවට විශාල සහනයක් හිමිව තිබෙනවා.
මෙමගින් Super Sector අංශයට එල්ල වීමට තිබූ විශාල අලාභදායී තත්වයක් වැළකී තිබෙන බවයි වාර්තා වල දැක්වෙන්නේ.
යෝජිත බදු කපා හරින බවට G7 ජාතීන් සමඟ නව ගිවිසුමකට එලැබෙන බවයි එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කළේ.

මෙම බදු මගින් ඔස්ට්‍රේලියාවටද ඇමරිකානු ඩොලර් බිලියන 450 කට ආසන්න ප්‍රමාණයක් බදු වලට හසුවීමේ අවදානමක් තිබූ බවයි විචාරකයින් පෙන්වා දුන්නේ.
අගමැති ඇන්තනි ඇල්බනීස් මෑතකදී පැවති G7 සමුළුවේදී බෙසන්ට් සමඟ මේ සම්බන්දයෙන් සෘජුවම කනස්සල්ල පළ කර තිබුනා.

ඒ අනූව මෙම පියවර දෙරටේම ආර්ථික සබඳතා සඳහා ජයග්‍රහණයක් ලෙස හැඳින්වී හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.