
වික්ටෝරියා ප්‍රාන්තයේ නව ප්‍රධාන පොලිස් කොමසාරිස් ලෙස මයික් බුෂ් [Mike Bush] නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.
නවසීලන්තයේ හිටපු පොලිස් කොමසාරිස්වරයා වන ඔහු පසුගියදා ග්ලෙන් වේවර්ලි හි [Glen Waverley] පොලිස් ඇකඩමියේ පැවති උත්සවයකට සහභාගී වුනා.
ප්‍රාන්තයේ ඉහළ යන අපරාධ අනුපාතය සහ පොලිස් බලකායේ සාමාජිකයින් අතර පවතින අඩු චිත්ත ධෛර්යය මැඩපැවැත්වීමට කටයුතු කරන බවයි බුෂ් එහිදී පවසා ඇත්තේ.

කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ මහජනතාවට වික්ටෝරියා පොලිසිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇති බව සහතික කිරීම තම මෙහෙවර බවයි.
මයික් බුෂ් 2014 වසරේ සිට 2020 වසර දක්වා නවසීලන්ත පොලිස් කොමසාරිස්වරයා ලෙස සේවය කළ අතර එහිදී ඔහු Whakaari White Island ගිනි කන්ද පුපුරා යාම සහ Christchurch ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම අධීක්ෂණය කළා.

වික්ටෝරියා අගමැති ජසින්ටා ඇලන් පවසන්නේ නව කොමසාරිස්වරයා විදේශයන්හි ලද දශක හතරක අත්දැකීම් භූමිකාවට ගෙන එන බවයි.