Search

MyDeal online marketplace වසා දැමීමට [$] මිලියන 100 ක්

MyDeal අන්තර්ජාල වෙළඳපොළ වසා දැමීම සඳහා ඩොලර්  [$] මිලියන 100 ක් වැය කරන බව Woolworths සමූහය පවසනවා.

පාඩු අඩු කර ව්‍යාපාරයේ ලාභදායී කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව MyDeal වෙබ් අඩවිය 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් පසු වසා දැමීමට නියමිතයි.

BIG W Market සහ Everyday Market වෙත වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බවයි Woolworths පවසන්නේ.

Woolworths සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අමන්ඩා බාඩ්වෙල් [Amanda Bardwell] සඳහන් කරන්නේ MyDeal වසා දැමීමෙන් පසු Woolworths MarketPlus මෙහෙයුම් පාඩු අඩු කිරීමට හැකිවනු ඇති බවයි.

MyDeal හි තාක්ෂණික පද්ධතිය, විකුණුම් සබඳතා සහ හැකියාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින් එම සම්පත් BIG W Market සහ Everyday Market වෙත මාරු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »