
රුසියාවේ ගුවන්තොටුපොළකදී මාස 18 ක දරුවෙකුට එල්ල වූ සංවේදී මාරාන්තික ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා.
CCTV දර්ශනවල දැක්වෙන්නේ ගුවන්තොටුපොළේ රැදී සිටි පුද්ගලයෙකු දරුවා ඔසවා බිම ගසන අයුරුයි.
ජීවිත අනතුරු සහිතව දරුවා කෝමා තත්ත්වයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාගේ මව ගර්භනී තත්ත්වයෙන් පසුවන අතර ඇය pushchair එක රැගෙන ඒම සඳහා දරුවා රඳවා තබා ගොස් සිටි අවස්ථාවේදීයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
මව සහ දරුවා ඉරාන ගැටුම් හේතුවෙන් පලාවිත් රුසියාවට පැමිණ ඇති බව හෙළිවී තිබෙනවා.

මේ අතර සැකකරු Belarus ජාතිකයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු ද එදිනම රසියාවට පැමිණි අයෙකු බව සඳහන්.