Search

Telegram හරහා ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධානකින් ඝාතන සැලැස්මක්

Terrorgram නමින් හැඳින්වෙන ත්‍රස්ත සංවිධානයක් කම්කරු පක්ෂ සාමජිකයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ත්‍රස්ත සංවිධානයට අයත් 20 හැවිරිදි ජෝර්ඩන් පැටන් නම් පුද්ගලයෙකු ව්‍යාජ කමාන්ඩෝ ඇඳුමකින් සැරසී මන්ත්‍රී කාර්යාලයට ආසන්නයේ සිට ඇති අතර ඔහු සතුව මිටියක් සහ පිහියක් තිබූ බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහු නිව් සවුත් වේල්ස් පක්ෂ සාමාජික Tim Crakanthorp ඝාතනයට සැළසුම්කල බව අනාවරණය වී තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශවලට අනුව Terrorgram සංවිධානය ඔහුගේ අන්තවාදී සංකල්ප සදහා විශාල බලපෑමක් එල්ල කළ බව සදහන් වනවා.

මෙම ත්‍රස්ත සංවිධානය Telegram වැනි සන්නිවේදන මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අතර, පසුගිය වසරවලදී එක්සත් ජනපදය, යුරෝපය සහ ආසියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බව පොලිසිය සදහන් කර සිටියා.

Terrorgram සංවිධානයට මූල්‍යමය වශයෙන් සහාය දැක්වීම හෝ ප්‍රතිලාභ ලබා ගැනීම නීති විරෝධී කරමින් ෆෙඩරල් රජය එම සංවිධානයට මූල්‍ය සම්බාධකද පනවා තිබෙනවා.

රජය විසින් මෙම සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කරමින් එය නිලවශයෙන් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැයිස්තුගත කරනු ලැබුවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »