
වික්ටෝරියා Lockdown තත්වය හේතුවෙන් බලපෑම් එල්ලවී ඇති ව්‍යාපාර සඳහා පිරිනැමෙන මූල්‍යාධාර ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සතියක් වසා දැමීමට සිදුවූ ව්‍යාපාර සඳහා ඩොලර් 2500 ක්ද සති 02 ක් වසා දැමීමට සිදුවූ ව්‍යාපාරවලට ඩොලර් 5000 ක් ද ලෙස මුදල් හිමිවනු ඇති.
මීට අමතරව දැනටමත් ප්‍රතිලාභ හිමිවන ආගන්තුක සත්කාර / සිල්ලර වෙළඳසැල් / අලංකරණ ක්ෂේත්‍ර සඳහා අමතර ඩොලර් මිලියන 209 ක් වෙන් කර ඇති බවයි ප්‍රාන්ත වැඩ බලන අගමැති James Merlino කියාසිටියේ.

මේ අනුව Lockdown තත්වය නිසා බලපෑම් එල්ලවූ ව්‍යාපාර සඳහා වෙන් කර ඇති මුලු මුදල ඩොලර් මිලියන 460 ක්.
මෙම සහන ලබාදීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම අද (03) සිට ආරම්භ කෙරේ.

Pic – The Age