
බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේදී, ශ්‍රී ලංකා ප්‍රබල පිතිකරු පැතුම් නිස්සංක, විශිෂ්ට ශතකයක් සමග ලකුණු 150 සීමාව පසුකරනු ලැබුවා.
පන්දු 242කට මුහුණ දෙමින් ඔහු ලකුණු 150 ක් ලබාගත් අතර ඊට හතරේ පහර 18ක් ඇතුලත් වුනා.
ඒ අනුව, ටෙස්ට් තරඟ දෙකකදී අඛණ්ඩව ලකුණු 150 සීමාව පසු කරමින් පැතුම් නිස්සංක විශිෂ්ට පිතිහරඹයක නිරත වුනා.

මේ වනවිට, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමඟ ප්‍රබාත් ජයසූරිය අනෙක් අන්තයේ සිටිමින් පන්දු 23කට ලකුණු 6ක් ලබාගෙන සිටිනවා.