Search

කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකික හා විදේශීය සංචාරකයන්ට අනතුරු ඇඟවීමක්

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් විදේශිකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එහි සදහන් වන්නේ දරුවකු ප්‍රසූත කිරීමේ අරමුණින් සංචාරක වීසා මත ඇමරිකාවට පිවිසීම නිසා අනාගතයේදී වීසා ප්‍රතික්ෂේප විය හැකි බව‍යි.

තානාපති කාර්යාලය තම නිල X ගිණුමේහි සදහන් කරන්නේ එවැනි සංචාරකයන් බොහෝවිට ඇමරිකානු රජයේ වෛද්‍ය සහනාධාර මත විශ්වාසය තබා වීසා ඉල්ලුම් කිරීමට යොමුවන බවයි.

එමඟින් ඇමරිකානු බදු ගෙවන්නන් මත අමතර මූල්‍යමය බරක් එකතු වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

අයදුම්කරුගේ ප්‍රධාන අරමුණ ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා දරු ප්‍රසූතියක් වුවහොත්, ඔවුන්ගේ සංචාරක වීසා ප්‍රතික්ෂේප කළ යුතු බවට අමෙරිකානු කොන්සියුලර් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »