
සිඩ්නි නුවර පැවැත්වෙන ඉන්දියා-ඕස්ට්‍රේලියා එක්දින තරගය සහ නොවැම්බර් මාසයේ කැන්බරා නුවර පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා වන ටිකට්පත් මාස හතරකට පෙර විකිණී අවසන් වී ඇති බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා අද නිවේදනය කළා.
අලු බදුන ටිකට්පත් අලෙවියට අමතරව ඔක්තෝම්බර්-නොවැම්බර් මාසවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන white-ball තරගාවලිය සඳහා ටිකට්පත් මිලදී ගැනීම සඳහා ඉන්දියානුවන් සැලකිය යුතු උනන්දුවක් දක්වා ඇති බවයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා සඳහන් කළේ.
මෙල්බර්න් සහ බ්‍රිස්බේන් හි පැවති ඉතා ජනප්‍රිය T20I ඇතුළුව තරඟ අටක් සඳහා ටිකට්පත් 90,000 ක් අලෙවි කවුළුව විවෘත වී සති දෙකකට පසුව විකුණා දමා තිබුණා.

මේ දක්වා අලෙවි වී ඇති ටිකට්පත් වලින් සියයට 16 කට වඩා ඉන්දියානු ක්‍රිකට් රසිකයින් විසින් මිලදී ගෙන ඇති බවයි CA සඳහන් කළේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ජනප්‍රි ක්‍රිකට් fan clubs එකක් වන Bharat Army විසින් ටිකට්පත් 2,400 කට වැඩියෙන් මිලදී ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දියාවේ සිටින රසිකයන් ද සැලකිය යුතු උද්යෝගයක් පෙන්නුම් කර ඇති අතර ටිකට්පත් 1,400 කට වඩා මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Men’s ODI Series v India:
October 19: Perth Stadium, Perth,
October 23: Adelaide Oval, Adelaide,
October 25: Sydney Cricket Ground, Sydney.
Men’s T20I Series v India:
October 29: Manuka Oval, Canberra,
October 31: Melbourne Cricket Ground, Melbourne,
November 2: Bellerive Oval, Hobart,
November 6: Gold Coast Stadium, Gold Coast
November 8: The Gabba, Brisbane.