Search

ශිතකළ ගෙම්බන් ඇතුළු ආහාර 62,000Kg ක් ගෙන්වූ කාන්තාවක් බන්ධනාගාරයට

විදේශීය ආහාර කිලෝග්‍රෑම් 62,000ක් ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව රැගෙනආ කාන්තාවක් සිරගත කර තිබෙනවා.

ව්‍යාජ ලෙස ලේබල් කරන ලද polystyrene පෙට්ටි තුළ දමා තිබූ මෙම ආහාර තොගය ඔස්ට්‍රේලියා දේශසීමා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනා.

එහි තිබී ශිත කළ ගෙම්බන් මෙන්ම ඉස්සන්, කෘමීන්ගෙන් පිරුණු නැවුම් නිෂ්පාදන සහ ඌරු මස් හමුවී තිබෙනවා.

සියල්ල තායිලන්තයෙන් ගෙන්වා ඇති අතර සිඩ්නි Black Market එකට යැවීමට  නියමිතව තිබූ බවයි දේශ සීමා බලධාරීන් පවසන්නේ.

කෙසේවෙතත් පොලීසියට ලද රහසිගත ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

කාන්තාවට වසර 2 ක සිර දඩුවමක් සහ පැය 150 ක ප්‍රජා සේවයක් කිරීමටයි විනිසුරුවරයා නියෝගකර ඇත්තේ.

ගෙම්බන්ට වැළඳෙන කයිට්‍රිඩියොමයිකෝසිස් වැනි රෝග හරහා මේ වනවිටත් ලොවපුරා උභයජීවී විශේෂ 500 කට අධික සංඛාවක් වඳවීමට හේතුවී තිබෙනවා.

ඉස්සන්ට සුදු ලප රෝගය ලෙස හැඳින්වෙන වෛරසයක් ආසාදනය විය හැකි අතර අප්‍රිකානු සූකර උණ වැනි රෝග රාශියක් ඌරන් මගින් බෝවිය හැකියි.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »