ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38 ක ප්‍රදානයකින් බහුදින ධීවර යාත්‍රා 4,200 කට නිරීක්ෂණ පද්ධති

ඉන්දියන් සාගර ටූනා කොමිෂමේ 15/03 යෝජනා සම්මුතිය පරිදි මහ මුහුදේ ගමන් කරනු ලබන බහුදින ධීවර යාත්‍රාවන්හි පිහිටීම හඳුනාගැනීම, ආපදාවන්හිදී සෝදිසි හා ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන නීති විරෝධී හා අවිධිමත් ධීවර කටයුතු පාලනය කිරීම සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (Vessel Monitoring System) ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ.
2015 වර්ෂයේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බහුදින ධීවර යාත්‍රා 1250ක් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක වන යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කර ඇත.
එම ධීවර යාත්‍රාවලට අමතරව තවත් එවැනි බහුදින ධීවර යාත්‍රා 4200කට අදාළ උපකරණ සවි කළ යුතුව තිබේ.
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක ප්‍රදානයක් යොදාගෙන සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය විසින් සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා එකී යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සවි කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »