
Indonesia AirAsia ගුවන් සමාගම ඉන්දුනීසියාවේ බාලි වෙත තවත් සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
එය සංචාරකයින්ට ඉන්දුනීසියාවේ දූපත් වල ඔවුන්ගේ නිවාඩු ගත කිරීමට යාමට වටිනා අවස්තාවක් බව වාර්තාවල සදහන්.
ඒ අනූව Indonesia AirAsia ගුවන් සේවය Adelaide වෙත සෘජු ගුවන් ගමන් සනිටුහන් කිරීමට ඊයේ සිදු වුනා.

ගුවන් සේවය විසින් ආසන 180 කින් යුත් A320-200 ගුවන් යානයක් භාවිතා කරමින් ඇඩිලේඩ් සිට සතියකට ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක කරනු ඇති.
එය සෑම සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනකම Adelaide වෙත පියාසර කරනු ලබනවා.

මේ අතර සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම Adelaide සිට ඉන්දුනීසියාව දක්වා පියාසර කරනු ලබන බවයි ගුවන් සේවය නිවේදනය කලේ.