Search

ජීවිත කාලය පුරා ඉතිරි කල මුදල් එකපාරින් අහිමි කරන Cryptocurrency

Cryptocurrency ATM හරහා සිදුවන අපරාධ වැළැක්වීම සදහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පොලිස් බලකායන් කිහිපයක් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා

Cryptocurrency ATM යන්ත්‍ර මගින් ක්‍රිප්ටො මුදල් බවට පරිවර්තනය කර ඉක්මනින් හා පහසුවෙන් මුදල් යැවීමට ඉඩ සලසනවා.

මේ හේතුවෙන් නීති විරෝධීව මුදල් උපයන්නන් සහ වංචාකරුවන්ට පහසුවෙන් මුදල් ගනුදෙනු සිදුකරගත හැකි බවයි ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සදහන් කරන්නෙ.

ඔස්ට්‍රේලියාවේ Cryptocurrency ATM හරහා සෑම වසරකම ඩොලර් මිලියන 275 ක් පමණ හුවමාරු කරන බව දත්ත මගින් හඳුනාගෙන ඇති අතර, බොහෝ ගනුදෙනු වංචාවට සම්බන්ධ බව බුද්ධි අංශ පෙන්වා දෙනවා.

දැනටමත් අවුරුදු 60 සහ 70 වයස් වල සිටින පුද්ගලයින්ට තම ජීවිත කාලය පුරාම ඉතිරි කර තිබූ මුදල් අහිමි වී ඇති බවයි නීති බලාත්මක කිරීමේ ජාතික සම්බන්ධීකාරක මාකස් එරික්සන් කියා සිටියේ.

Cryptocurrency ATM හරහා වංචා සිදුකරන පුද්ගලයින් පරීශීලකයින්ට ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වන අතර ඇතැම් අවස්ථාවල මයික්‍රොසොෆ්ට් හෝ බැංකු නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් වින්දිතයින් රවටා මුදල් ලබාගන්න බව අනාවරණය කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ හමුවන පුද්ගලයින් Cryptocurrency ATM හරහා මුදල් මාරු කරන ලෙස ඉල්ලා සිටින අවස්ථාවන්හිදී වංචාවට ලක්වීමට ඉඩ ඇති බව පොලීසිය අනතුරු අඟවා සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »