
රෝහලේ සිදු වූ වරදින් සිය දියණිය ස්ථිර ආබාදයට පත්වූ බව කියමින් මාපිය යුවලක් සිඩ්නි ළමා රෝහල් ජාලයට නඩු පවරා තිබෙනවා.
ඔවුන් පවසන්නේ අලුත උපන් බිළිඳෙකු ලෙස තම දියණියට රෝහලේදී දුක් විදීමට සිදු වූ බවයි.
ප්‍රතිකාර සිදු කරන කාලයේදී දරුවා මුහුණදුන් අපහසුතා සහ නිළදාරින්ගේ නොසැලකිලිමත් බව සියැසින් දුටු බවයි දරුවාගේ දෙමාපියන් පවසන්නේ.

2019 පෙබරවාරි මාසයේදී සති 10කට පෙර උපත ලැබූ මෙම දැරිය Westmead හි ළමා රෝහල ඇතුළු විවිධ රෝහල්වල මාස ගණනක් ගත කර තිබෙනවා.
දරුවාගේ පියා වන මැතිව් කියා සිටියේ ප්‍රතිකාර ලබන කාලයේදී සිදුවූ වැරදි හේතුවෙන් දරුවාට මෙම තත්වය උදා වූ බවයි.

සිය දියණියට කිසිවක් තනිවම කළ නොහැකි නිසා ඇයගේ සියලු කටයුතු දෙමාපියන් විසින් සිදුකර දෙන බවයි දරුවාගේ මව කියා සිටියේ.