Search

දිය වැඩියාව හැදෙන රැකියා

ක්ශේත්‍ර් කිහිපයක රැකියා වල නිරත වන පුද්ගලයින්ට දිය වැඩියාව වැළඳීමේ අවදානම වැඩි බව සමීක්ශණයකින් හෙළි වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා, ඉගැන්වීම, සමාජ සේවා, පාරිභෝගික සේවා හෝ ප්‍රවාහනය වැනි රැකියා සිදු කරන පුද්ගලයින්ට මෙම අවදානම වැඩි වශයෙන් පවතින බවයි හෙළි වී තිබෙන්නේ.

ස්වීඩනයේ සිදු කරන ලද අධ්‍යයනයකින් මෙම තොරතුරු හෙළි වී තිබෙනවා.

මෙම පර්යේෂණය 2006 සිට 2020 දක්වා මිලියන 3 කට අධික පිරිසක් නිරීක්ෂණය කරමිනුයි සිදුකර ඇත්තේ.

ගැටුම්කාරී වටපිටාවක් තුල සේවය කරන සේවකයින් දියවැඩියාව වැළඳීමේ අවදානම 24% කින් ඉහළ තිබෙන බවද සමීක්ශණයෙන් හෙළි කර තිබෙනවා.

මෙහිදී සිදු වන්නේ රුධිරයේ සීනි කළමනාකරණය කිරීමට ශරීරයට ඇති හැකියාවට ආතතිය මගින් හානි කිරීම බව පර්යේශකයන් හදුනාගෙන තිබෙනවා.

එමගින් සිරුරේ හෝමෝන වෙනස්කම් ඇති කළ හැකි බව ද පර්යේෂකයින් විශ්වාස කරනු ලබනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »