
දැඩි රෙගුලාසි යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ පොදු මාර්ගවල E-Scooter සහ E-Skateboards සදහා අවසර ලබා දී තිබෙනවා.
කොන්දීසී කිහිපයක් යටතේ අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් සඳහා මෙම අවසරය හිමිවනවා.
ඒ අනුව සියලුම E-Scooter සහ E-Skateboards භාවිතා කරන පුද්ගලයින් footpaths, shared pathways සහ වෙරළ තීරයන් වල පැයට කිලෝමීටර 10 කට වඩා අඩු වේගයකින් ධාවනය කල යුතු වනවා.

පැයට කිලෝමීටර 60ක් හෝ ඊට අඩු වේග සීමාවන් සහිත මාර්ගවලද ධාවනයට අවසර ලැබෙන අතර එම මාර්ග වල බයිසිකල් මංතීරුවේ පමණක් පැයට කිලෝමීටර 25ක් හෝ ඊට අඩු වේගයකින් ධාවනය කල හැකී.
ධාවනයේදී හිස්වැසුම් පැළඳිය යුතු අතර මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීමෙන් වැළකී සිටිය යුතු වනවා.

තවද අමතර මගීන් රැගෙන යාමත් ධාවනයේදී දුරකථනය භාවිතා කිරීමත් තහනම් කර තිබෙනවා.
නීති සංශෝධනවලට සහාය වීම සඳහා නීති පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන බව ප්‍රවාහන අමාත්‍ය ටොම් කූට්සන්ටෝනිස් පවසා සිටියා.
අවසර ලබාදීම සහ හදුන්වා දුන් නව නීති ජූලි 13 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.