
කසළ බඳුන් සම්බන්ධ ගැටළුවක් හේතුවෙන් ඊට නව ක්‍රමවේදයක් හදුන්වා දීමට සිඩ්නි නගර සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ යටතේ නාගරික ප්‍රදේශ වල මාර්ග අසල තබන කසළ බඳුන් සදහා අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය බවටයි යෝජනා වී ඇත්තේ.
අතහැර දැමූ කසළ බඳුන් වලින් දැඩි දුර්ගන්ධයක් ඇති කරන බවත් ඒ නිසා මීයන් බෝ වීම වැඩි වන බවත් නගර සභා සභිකයෙකු වන ඇඩම් වර්ලිං සදහන් කර සිටියා.

තවද කසළ බඳුන් වලට වෙනත් පුද්ගලයින් අතිරික්ත කුණු දැමීම සහ වැරදි බඳුන්වලට කුණු දැමීම මගින් කසල කළමනාකරණයටද අපහසු වන බව ඇඩම් වර්ලිං පෙන්වා දෙනවා.
ඔහු යෝජනා කර සිටියේ අවසර පත්‍ර ක්‍රමයක් යටතේ නිවසේ සීමිත ඉඩක් ඇති සහ Yard නොමැති පදිංචිකරුවන්ට පමණක් තම කසළ බඳුන් මාර්ග ආසන්නයේ තැබීමට අවසර දෙන බවයි.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් සෑම කසළ බඳුනකම, අවසර පත්‍රයේ පිටපතක්ද, අදාළ ලිපිනයද සදහන් කළ යුතු වනවා.