Search

Sydney විශ්ව විද්‍යාලයක හිටපු ශිෂ්‍යාවකට cyber hacks චෝදනා

 

සිඩ්නි විශ්ව විද්‍යාලයකට සයිබර් ප්‍රහාර රැල්ලක් එල්ල කළ බවට හිටපු ශිෂ්‍යාවකට චෝදනා එල්ල වී තිබෙනවා.

අනවසර ප්‍රවේශය, දත්ත ඉවත් කිරීම, පද්ධති සම්මුතිය සහ විශ්ව විද්‍යාල යටිතල පහසුකම් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධ සයිබර් හැක් මාලාවකට 2021 වසරේ සිට බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය මුහුණ දී සිටියා.

ශිෂ්‍ය දත්ත dark web හරහා විකුණා දැමීමේ තර්ජන ද පැවති අතර ඉන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශිෂ්‍යයින් විශාල පිරිසකට බලපෑම් එල්ල වී තිබුණා.

පොලිසිය Kingswood ප්‍රදේශයේ නිවසක සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කළ අතර එහිදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‍

ඇය එම විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යාවක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

පරිගණක උපකරණ සහ ජංගම උපාංග කිහිපයක් ද සෝදිසියේදී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »